මොරටුව ඉන්ජිනියරින්, Z-ස්කෝර්, ෆීල්ඩ් සිලෙක්ෂන්, සමාජ සාදාරණය

Thilina Madumal
4 min readSep 20, 2023

මෑත කාලීනව මොරටුව විශ්ව-විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨය සදහා සිසුන් බදවා ගැනීමේදී එහි පැවති ක්‍රමය යම් වෙනසක් කරන්න බලධාරීන් යම් උත්සහායක් දැරුව. මොරටුව විශ්ව-විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට මේ වනවිට සිසුන් 1000 කට අධික ප්‍රමාණයක් බදවා ගන්නව. ඉන්ජිනේරු පීඨය දෙපාර්තුමේන්තු කීපයකින් සමන්විතයි. පරිගණක විද්‍යා, ඉලෙක්ට්‍රොනික්, ඉලෙක්ට්‍රිකල්, සිවිල්, කෙමිකල්, මටීරියල් යනු එවායින් කීපයක්. ඉතින් මේ දෙපාර්තුමේන්තු වලට සිසුන් අනුයුක්ත කිරීම සැමට සම සහ සාධාරණ ආකාරයෙන් සිදු කිරීම ටිකක් අපහසු කාරණයක්. මා දන්නා කාලයක සිට පවතින ක්‍රමය තේරෙන බාසාවෙන් කිව්වොත් පළමු සෙමෙස්ටර් එක තුල සෑම දෙපාර්තුමේන්තුවකින්ම තෝරාගත් මොඩියුල කිහිපයක් උගන්වා (මෙහිදී මොඩුලයක අවසාන ලකුණු සදහා අවසාන විභාගයෙන් කොපමණ ප්‍රතිශතයක්ද, කෝර්ස් වර්ක් වලින් කොපමණ ප්‍රතිශතයක්ද යන්න තීරණය ඒ ඒ මොඩුලය ෆැසිලිටේට් කරණ දෙපර්තුමේන්තුවේ තීරණයක්, බොහෝ වේලාවට එය 80% සහ 20% වගෙ තමා වෙන්නේ), සෙමෙස්ටර් එක අවසානයේ එහි මුලු ලකුණු අනුව සිසුන්ට තමන් කැමති ස්පෙෂලයිසේෂන් එක (නැතහොත් දෙපාර්තමේන්තුව) තෝරා ගැනීමට අවස්තාව දෙනව. මෙහිදී සිසුන්ගේ ඉල්ලුම වැඩිවීම මත, ඒ ඒ ස්පෙෂලයිසේෂන් එකේ කඩ-ඉම් ලකුණු වැඩි-අඩු වීම සිදු වෙනව.

මෑත කාලීනව බලධාරීන් විසින් වෙනස් කරන්න උත්සාහයක් දරල තියෙන්නෙ මොරටුව විශ්ව-විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට ඇතුලත් කරගන්නා සිසුන් දෙපාර්තුමේන්තුවලට අනුයුක්ත කරණ ආකාරයයි. පලමු සෙමෙස්ටර් එක අවසානයේ ලකුණු වලින් වෙනුවට, අ.පො.ස. උසස් පෙළ විභාගයේ ලකුණු වලට (z-score) අනුව සිසුන්ට තම ස්පෙෂලයිසේෂන් එක (නැතහොත් දෙපාර්තමේන්තුව) තෝරා ගන්නට දීමයි. මේ තීරණයට මොරටුව විශ්ව-විද්‍යාලයේ ඉන්ජිනේරු ශිෂ්‍ය සන්ගමය විරුද්ද වෙලා තියෙනව, පොඩි උද්ඝෝෂණ වගයකුත් කරල මේක මෙවර ක්‍රියත්මක කිරීම නැති කරගෙන තියෙනව. ඒකට පොඩි සතුටක් තියෙනව. හැබැයි ප්‍රශ්නය තියෙන්නෙ මේක ඇත්තටම අවුල් සහගත ක්‍රම වේදයක්ද කියන එක සහ දැන් පවතින ක්‍රම වේදය ඊට වඩා සුදුසු එකක් ද කියන එක.

මගේ මතය, මේ ක්‍රම වේදය හදිස්සියේ ගෙන ඒම මෙවර උසස් පෙළ ප්‍රතිපල ආපු සිසුන්ට අසාදාරණයක්, මොකද ඒ සිසුන්ට මේ තොරතුර ඔවුන් උසස් පෙළ ආරම්භ කරන විට නොමැති වීම සහ එනිසා ඔවුනට ඔවුන්ගේ ගේම් ප්ලෑන් එක ඊට සරිලන ආකාරයෙන් සකස් කරගැනීමට තිබූ අවස්තාව නොමැති වීමයි. නමුත් මෙම ක්‍රම වේදය පවතින ක්‍රමයට වඩා යහපත් ප්‍රතිපල සහ සම අවස්තාව ලබා දෙන ක්‍රම වේදයක්. වෙනත් පර්ස්පෙක්ටිව් එක්කින් බැලුවොත් මේ දෙකේම එකම අවුල් ටිකක් තියෙන්නේ එකකට වඩා අනෙක හොදයි කියන්න බැරි තරමටම.

බැලු බැල්මටම පවතින ක්‍රමය සම සහ සාධාරණ අවස්තාවක් සිසුන්ට දෙනව වගේ දෙයක් තමා පෙනෙන්නේ. ඒකට හේතුව වෙන්නෙ පරම්පරා කිහිපයක සිටම, අධ්‍යාපන විශමතා, අඩු පහසුකම් පාසල්, තදාසන්න ප්‍රදේශ වලින් බැහැර සිසුන්ට ප්‍රසිද්ධ පන්නයේ උපකාරක පන්ති වලට පැමිණීමේ අපහසුව සහ අනෙකුත් පහසුකම් වල අඩුපාඩුකම් නිසා, උසස් පෙළ විභාගයේ ප්‍රතිපල වලින් පිටිසර පාසල් වල සිසුන්ගේ සැබෑ දක්ෂතාවය එලි නොදැක්වෙන බවට ඇති මතයයි. විශ්ව-විද්‍යාලය තුල සම හා සාධාරණ අවස්තාවක් ඇති බව තමයි පිටින් ඉද බලන්නෙකුට පෙනෙන්නේ. නමුත් ඇත්ත තත්වය නම් ප්‍රායෝගිකව එය එලෙස නොවීමයි. මම ඉහත සදහන් කල පලමු සෙමෙස්ටර් එක අ.පො.ස උසස් පෙළටත් වඩා තරගකාරී සහ අසාධාරණ එකක්. ඒ සදහා හේතු කීපයක්ම තියෙනව,

1. කෝර්ස් වර්ක් වලට සීනීයර්ස්ලාගෙ සහය හෝ නැතිනම් තමා තොරාගත් කදවුරක (මගේ විශ්ව-විද්‍යාල සමය තුල මෙම බෙදීම ගැට්ට සහ පිට-ගැට්ට නමින් හැදින්විය, මේ වන විට මෙය වෙන ආකාරයක බෙදීමක් ලෙස, වෙනත් නමකින් ඇති, බෙදීමක් නැතුව පාලනයක් ගෙන යාමට සහ පාලනයක පැවතීමට අපි ලාන්කිකයන් තවමත් අපොහොසත්) සහය අවශ්‍ය වෙයි. ඒ නෙට්වර්කින් එක වෙන්නෙ හුගක් වෙලාවට තම පාසල අශ්‍රිතව හා තම උපකාරක පන්ති ආශ්‍රිතවයි. ඉතින් ඒ නෙට්වර්ක් එක නැත්තම් කොපි කරගන්න හොන්ද කෝර්ස් වර්ක් එකක් හොයා ගන්න බැහැ. ලෙක්චර් හෝ එයාගෙ ඇසිස්ටන්ට් එයාගෙ විදියට

කෝර්ස් වර්ක් නැත්නම් ලකුණු දෙන්නෙ නැහැ.

2. පලවෙනි සෙමෙස්ටර් එකේ විභාගය කරන්න උපකාරක පන්ති තියෙනව, ඒවාට බොහෝ වෙලාවට තමා විශ්ව-විද්‍යාලයට පැමිණි පාසල, තමා තෝරාගෙන තිබෙන කදවුර අනුව තමයි ඇක්සස් හම්බෙන්නෙ.

3. ඊට පස්සෙ වෙන්නෙ විභාගය කට උඩ තියෙල, සමහර මොඩියුල වල පේපර් එක එලියට පනිනව. ඒකට හේතුව වෙන්නෙ ලෙක්චර්ස්ලාගෙ ඇසිස්ටන්ට්ලා මෑතකදී උපාධිය ලබාගත් අය වීමත්, සහ තම කදවුරු වලට තවමත් පක්ශ පාතී වීමත්. ඉතින් ඒ පේපර් එන්නෙ ඒ කදවුරෙ අය අතට තමයි. සමහර ඒවගෙ වෝටර් මාක් එකකුත් තිබ්බා ඒ කාලෙ.

4. අනිත් කරුණ තමයි උසස් පෙළ විභාගය අරඹයා, විෂය කරුණු පෙවීමකට (පාසල් හෝ උපකාරක පන්ති මගින්) හුරුවී සිටින සිසුන් විශ්ව-විද්‍යාල අධය්‍යාපන ක්‍රම වේදයට පළමුව අනාවරණය වෙද්දි තිගැස්සීමකට ලක්වීම (ශොක් වීම). ඉතින් වැඩේ කොහොමද ගොඩ දාගන්නෙ කියල තේරුම් ගන්න කල් යනව.

ඉතින් මහන්සි වෙලා එක තරග විභාගයක් කරල තියෙද්දි තව එකකට නැහෙන්නෙ නෙතුව, පාඩුව තමන් කැමති පරිදි, ස්පෙෂලයිසේෂන් එකක් තෝරගෙන, විවේක මනසකින් විශ්ව-විද්‍යාල අධය්‍යාපනය පටන් ගන්න තිබ්බනම් හොද නැද්ද? අනික් කරුණ තමා, තමන්ට කැමති ස්පෙෂලයිසේෂන් එකට තෙරෙන්නේ නැහැ කියල හිතෙනව නම් වෙන විශ්ව-විද්‍යාලයක ඒ ස්පෙෂලයිසේෂන් එකට අයදුම් කරන්න පුලුවන්. උදාහරණයක් විදියට, මොරටුව විශ්ව-විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ, පරිගණක විද්‍යා ඉන්ජිනේරු උපධියට සිලෙක්ට් වෙන්නෙ නැහැ කියල සැකයක් තියෙනවන්ම්, පරිගණක විද්‍යා උපාධියක්මනම් කැමැත්ත, මොරටුව විශ්ව-විද්‍යාලයේම තොරතුරු තාක්ශණ පීටය ට්‍රයි කරන්න පුලුවන්ට්, නැත්නම් කොළඹ විශ්ව-විද්‍යාලයේ පරිගණක පීඨය ට්‍රයි කරන්න පුලුවන්, ඒත් නැතිනම්, තමන්ගෙ දෙමාපියන්ට දරන්න පුලුවන් නම් පුද්ගලික විශ්ව-විද්‍යාලයක පරිගණක උපාධියක් හදාරන්න පුලුවන්. X කියන විශ්ව-විද්‍යාලයේම උපාධියක් කල යුතුයි කියල නැහැ, එහෙම මතයක් තිබ්බෙ ඉස්සර, දැන් ඒව යල් පැන ගිය, අර්ත විරහිත දේවල්. තමන් කැමති දෙයක් කීරීමයි වැද්ගත්!

අවසාන වශයෙන් කියන්නෙ තියෙන්නෙ, කොළඹින් පිට දුශ්කර යැයි හදුනාගත් පලාත් වලින් මොරටුව විශ්ව-විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට තේරෙන්නෙ වැඩිමනක් මෙරිට් ලිස්ට් එකට අහුවෙන ප්‍රතිපල ඇති සිසුන්. කොළඹ සහ ඒ ආසන්න පාසල් වල ඔක්කොම වගෙ ඉන්ජිනියරින් තේරෙන සිසුන් මොරටුව විශ්ව-විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට තමයි අනුයුක්ත කරන්නෙ (“ආසන්න විශ්ව-විද්‍යාලය” කියන සිසුන් අනුයුක්ත කිරීමේ UGC පොලිසි එක නිසා). ඒ නිසා දුශ්කර පලාත් වල සිසුන්ට අසාධාරණයි වගේ බොලද තර්ක දාල z-score එකෙන් ෆීල්ඩ් සිලෙක්ශන් කරණ එක වැරදී කියල අසීමාන්තික තරග විභාගෙකින් පසුවත් ඒ සිසුන්ව තවත් අසීමාන්තික, අසාධාරණ තරග විභාගෙක හිර නොකර උන්ට උගෙ විශ්ව-විද්‍යාල ජීවිතේ සැහැල්ලුවෙන් නිදහසේ විදින්න දෙන්න කියල තමා කියන්න තියෙන්නෙ.

ප.ලි. ලන්කාවෙ තරග විභාග ක්‍රමය අවුල් තමා, එක වෙනම කතා කරන්න ඔනි දෙයක්, එකයි මේ පර්ටිකියුලර් ප්‍රශ්නෙයි පටලව ගන්න එපා.

--

--